Sunday, June 5, 2011

ආධුනිකයෙකු හට හොඳම ආකෘති ගුවන් යානා.

මේ ලිපිය ලියන්න හිතුනේ බොහෝ දෙනෙක් වැරදි ආකෘති ගුවන් යානයක් මුලින්ම මිලදීගෙන හෝ නිර්මාණය කරලා ඒක සිතු පරිදි පියාසර නොකළ විට මේ විනෝදාංශය ගැන කළකිරෙන නිසා.

මම දැකලා තියෙනවා බොහෝ ආධුනිකයන් ගුවන් යානයක් තෝරා ගන්නා විට එකේ පියාසර ලක්ෂණ ගැන අවධානයක් යොමු කරන්නේ නෑ. මෙය බොහෝ විට නොදැනුවත්කම නිසා සිදුවන්නක්.
මෙයින් බොහෝ වෙලාවට වෙන්නේ බලාපොරොත්තු කඩ වීමත් කාලයත් මුදලත් නාස්ති වීමත් පමණයි. මේ නිසා මේ විනෝදාංශය පටන් ගන්නට පෙරම එපා වීමට පවා පුළුවන්.

ආකෘති ගුවන් යානා පියාසර කිරීමට ආධුනිකයෙක් මුලින් ම මිලදී ගතයුත්තේ / නිර්මාණය කළ යුත්තේ trainer වර්ගයේ ගුවන් යානයක්. මේ වර්ගයේ ගුවන්යානා පියාසර කිරීම ඉතාම පහසුයි. මේවායේ බොහෝ විට දක්නට ලැබෙන්නේ rudder සහ elevator control surfaces පමණයි. එම නිසා පියාසර කරන්නා අවධානය යොමුකළ යුත්තේ පියාසර කරන දිශාව, pitch එක සහ පියාසර උස පමණයි. මේ ගුවන්යානා ගුවනේදී ඉතාමත් ස්ථාවරයි. (stable flight). ඒ වගේම එන්ජිම/මෝටරය නවත්වා වුවත් පියාසර කල හැකියි. Trainers වල තටු වල දිග (Wing span) හා පළල වැඩි නිසා wing loading එක අඩුයි. ඒ නිසා මේවා ඉතාම සෙමින් පියාසර කල හැකියි. ආධුනිකයෙකුගේ reflex time එක(ගුවන් යානයේ වෙනස් කමකට controls වලින් ප්‍රතිචාර දැක්වීමේ කාලය) වැඩි නිසා සෙමින් පියාසර කරන ගුවන් යානයකින් controls වලට හුරු වීම ඉතා වැදගත්. තවද මේ trainers වල gliding ඉතාම හොඳ නිසා මෝටරය/එන්ජිම නවත්වා වුවත් පියාසර කරන්න පුළුවන්. මේවා බරෙන් ඉතා අඩු නිසා කඩාවැටීමකදී විශාල හානියක් සිදුවන්නේ නෑ. මේවායේ ප්‍රධාන තටුව වැඩි එසවීමේ බලයක් (lift force) ලබාදිය හැකි ලෙස සකසා තිබීමත් සෙමින් පියාසර කිරීමට උදව් වෙනවා.

තවත් විශේෂත්වයක් වන්නේ මේ ගුවන් යානා high wing වර්ගයේ වීම. ඒ කියන්නේ ප්‍රධාන තටුව ගුවන් යානයේ බඳට ඉහලින් සවි වන්නේ. මේ වර්ගයේ ගුවන්යානයක විශේෂත්වය තමයි, ගුවන් යානයේ බර තටුවට පහළින් තිබීම නිසා controls neutral කල විට ගුවන් යානය ස්ථාවර පියාසිරියකට පැමිණීම. (Natural flight stabilization). මේ නිසා ගුවන් යානය ඇළ වුවොත් හෝ නාසය ඉහලට හෝ පහළට යොමුවුවොත්, පියාසර කරන්නා කළ යුත්තේ elevator සහ rudder control sticks neutral ස්ථානයට ගෙන ඒම පමණයි. එවිට ගුවන් යානය ඉබේම ස්ථාවර වෙනවා.

ආධුනිකයෙකුට මුල්ම ගුවන් යානය ලෙස නිර්දේශ කල හැකි ගුවන් යානා ලෙස

Blu Baby
Piper Cub (without airelons)
J3 Grasshopper
Cessna 182 (without airelons)
Cessna 185 (without airelons)

දැක්විය හැකියි.

2 comments:

  1. සුපර් බොලවු මේ කොරන්න හදන දේ...නවත්තන්න එපා...දිගටම ලියන්න..මටත් RC aircraft,cars,boat ගැන පුදුම පිස්සුවක් තියෙන්නෙ.youtube එකේ Banana Hobby වීඩියෝ දැක්කම පිස්සුව තව වැඩි උනා...දිගටම ලියන්න....keep it up rc botto...... :D

    ReplyDelete
  2. එලම තමා.මාත් ඒ වගේ එකෙක්..ඉක්මනට ඉතිරි විස්තරත් දාන්න..

    ReplyDelete