Wednesday, November 17, 2010

ආකෘති ගුවන්යානා - හැදින්වීම 1

ඊයේ කිව්වානේ විශේෂ දෙයක් ගැන ලියන්න ඉන්නේ කියලා. ඔන්න ඉතිං හා හා පුරා කියලා ලියන්ඩයි ලෑස්ති වෙන්නේ ආකෘති ගුවන් යානා ගැන ලිපි පෙළක්. ආකෘති ගුවන් යානා සෑදීම, නිර්මාණය කිරීම, හා පියාසර කිරීම, විනෝදාංශයක් විදියට විදේශ රටවල ප්‍රසිද්ධ වුනත්, ලංකාවේ තිබුනු ආරක්ෂක තත්ව මත මේක විනෝදාංශයක් විදියට කල අය අතලොස්සක් පමණයි හිටියේ. නමුත් දැන් මේ සම්භන්ධ නීති ලිහිල් කරලා තියෙන්නේ.ආකෘති ගුවන් යානා ගැන කියනකොට මේ සම්භන්ධව උනන්දුව තියෙන ගොඩක් අය ඉන්න බව නං රහසක් නෙමෙයි, ඒ වගේම විනෝදාංශයක් විදියට කරන්න කැමති අයත් ගොඩක් ඉන්නවා . මේ අය බහුතරයකටම තියෙන ප්‍රශ්ණේ තමයි මූලික දැනුම ලබාගන්නේ කොහොමද කියන එක. මේ ලිපි පෙළෙන් මම බලාපොරොත්තු වෙන්නේ මූලික දැනුම ලබාදීම සහ දැනුම බෙදා ගැනීම. එහෙම කිව්වට මමත් මේ සම්භන්ධව විශේෂඥයෙක් නම් නොවෙයි, මම දන්න ටික බෙදාගන්නයි මේ සූදානම.හරි එහෙනම් අපි මුලින්ම බලමු ආකෘති ගුවන් යානාවක් කියන්නේ මොකක්ද කියලා.

ආකෘති ගුවන් යානාවක් යනු කුමක්ද?

ආකෘති ගුවන් යානා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 
  • පියාසර කළ හැකි ආකෘති
  • පියාසර කළ නොහැකි ප්‍රදර්ශණ වර්ගයේ ආකෘති
පියාසර කළ හැකි ආකෘතී සැබෑ ගුවන් යානාවල අනුරූ හෝ පරිමාණයට සෑදූ ඒවා විය හැකියි. නමුත් බොහෝවිට මේ වර්ගයේ ගුවන් යානා තැනීමේ අරමුණ පියාසර කරවීම නිසා සැබැ ගුවන් යානා වකම අනුරුවක් මෙන් පෙනීමට සියුම් විස්තර(details) කරනවා අඩුයි. මෙයට හේතුව ගුවන් යානයේ බර පියාසර බර නොඉක්මවීමට වගබලා ගත යුතු නිසා සහ පියාසර කිරීමේ හැකියාව (flying characteristics) සැළකිල්ලට ගත යුතු නිසායි.  පියාසර කළ නොහැකි ප්‍රදර්ශණ වර්ගයේ ආකෘති වල නම් සියුම් විස්තර දැක්වීම තමයි ප්‍රධානම අරමුණ. මේවා බොහෝ විට සෑබෑ ගුවන්යානා වල මිමි පරිමාණයට කුඩා කර තනන ලද ඒවායි. මගේ උනන්දුව සහ දැනුම් තියෙන්නේ පියාසර කරල වර්ගයේ ආකෘති සම්භන්ධයෙන් නිසා දෙවෙනි වර්ගය ගැන මින් එහාට ලියන්නේ නෑ. මම මීළඟ ලිපියෙන් පියාසර කළ හැකි වර්ගයේ ගුවන් යානා වර්ගීකරණය ගැන ලියන්නං. එතකං ආයිබෝං...

ප.ලි. - මගේ සිංහල ලිවීම නං අන්තිමයි. ඒනිසා වැරදි වලට සමාව ඉල්ලනවා.

පින්තූර වල අයිතිය උපුටා ගත් වෙබ් අඩවි සතුයි.









2 comments:

  1. පට්ට ඕයි.මං ඔය ගැන පිස්සු වැටිලා ඉන්නේ..දිගටම ලියන්න.මන් හැමදාම එනවා...ඉකමනට තව පොස්ටුවක් දාන්න.

    ReplyDelete
  2. එල මචන් උඹේ බ්ලොග් එක විතරයි මේ ගැන සිංහලේන් පිලිවලකට ඉගනගන්න පුලුවන් එකකට තියෙන්නෙ.මම අද තමයි මේ සයිට් එක හම්බුනෙ.දිගටම ලියපන් මචන්.මම හරි ආස පැත්තක් මෙ.මගේ ගුරා උබ තමයි.

    ReplyDelete