Sunday, November 21, 2010

ආකෘති ගුවන්යානා - හැඳින්වීම 2



කලින් ලිපියට කාගෙන්වත් කොමෙන්ටුවක් නොලැබුනු නිසා හා වැඩිය කට්ටිය නොකියවපු නිසා මේ ගැන උනන්දුවක් නෑ වගේ මට පේන විදියට. අනෙක් අතට කලින් ලිපිය කියවපු සමහර අය හිතනවා ඇති ඒ ලියලා තිබුනු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනෙද? ඒවා ඕනෙම  කෙනෙකුට තේරෙනවා නේ කියලා. ඒ ලිපිය කියවපු මගේ යාළුවෙක් ලිව්වේ මම කියලා දන්නේ නැතුව කිව්වේ "කව්ද පිස්සෙක් ලියපු එකක්" ලියලා කියලා :D. මේ ලිපිය කලින් එකේ 2වන කොටස. කියවලා මේ ගැන ඔයගොල්ලන්ගේ අදහස් පුළුවන් නම් ලියලා යන්න.

පියාසර කල හැකි ආකෘති පහත ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්.
  •  නිදහස් පියාසැරි  (බලගැන්වූ හා නොගැන්වූ) (Powered and Non-powered Free flight)
  • දුරස්ථ පාලක (Remote controlled) 
  • පාලක රැහැන් ආකෘති (Control line)
නිදහස් පියාසැරි වර්ගයේ ගුවන් යානා කිසිම පාලනයකින් තොරව නිදහසේ පියාසර කරනු ලබන ඒවායි. මේවායේ බලගන්වන ලද හා නොගන්වන ලද වර්ග දැකගන්න පුළුවන්, බල ගන්වන ලද ඒවා බැටරි බල හෝ රබර් පටි බල විය හැකියි. වයින් ස්ප්‍රීතු එන්ජින් මේව්යේ දක්නට ලැබෙන්නේ නෑ බර වැඩි නිසාවෙන්. පියාසර කිරීමට ප්‍රථම මේවායේ යම් යම් සැකසීම් කරනු ලබනවා. ඒ කරන්නේ කිසියම් නිශ්චිත පරාසයක (flying range) හා නිශ්චිත ගුවන් මගක් (flight path) ගැනීමටයි.

පාලක රැහැන් වර්ගය පාලනය කරනු ලබන්නේ යවන්නාගේ සිට ගුවන් යානාවට ඇති රැහැනකින්. ගුවන් යානය විදුලි මෝටරයකින් බලගන්වලා තියනවානං, විදුලි බලය සැපයීමේ හා, මෝටරයේ වේගය පාලනය කීරීම මේ රැහැන හරහා කරන්න පුළුවන්. ඊට අමතරව ගුවන්යානයේ පියාසර උස අඩු වැඩි කරීමත් (pitch) කල හැකියි.

පළවෙනි හා දෙවෙනි රූප වලින් දැක්වෙන්නේ නිදහසි පියාසැරි වර්ගයේ ආකෘති ගුවන් යානා. තුන්වෙනි රූපයෙන් දැක්වෙන්නේ පාලක රැහැන් වර්ගයේ ආකෘතියක්.

මේ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ දුරස්ථ පාලක වර්ගයේ ආකෘති වර්ගය. මේ ආකෘති සෙල්ලම් හා විනෝදාංශ වශයෙන් ශේණිගත කරන්න පුළුවන් (Toy grade and Hobby grade models). සෙල්ලම් භාණඩ යටතේ ශේණිගත කරන ලද ගුවන්යානා විනෝදාංශ ශ්‍රේණියට වඩා මිලෙන් වගේම තත්වයෙනුත් අඩුයි. මේවායේ දුරස්ථ පාලක බොහෝ වේලාවට චැනල් 3කට සීමා වෙනවා. ඒවගේම මේ වර්ගයේ ආකෘති, කුඩා ඉඩ ප්‍රමාණයක, (ගෘහස්ථ බැඩ්මින්ටන් පිටියක වගේ) පියාසර කරන්න පුළුවන් විදියට හදලා තියෙන නිසා ප්‍රමාණයෙන් හා බරෙන් අඩුයි. බොහෝ වේලාවට මේවා අසුරණයෙන් එලියට ගත් විගස පියාසර කළ හැකියි. (Ready to fly). හදලා තියෙන්නේ බොහොම බර අඩු ප්ලාස්ටික් වර්ගයකින් හෝ රෙජිෆෝම් වර්ගයකින්. ලංකාවේ සෙල්ලම් බඩු කඩවල ගන්න තියෙන ඒවා අනිවාර්යයෙන්ම මේ වර්ගයේ.

විනෝදාංශ ශ්‍රේණියට අයත්වන ආකෘති සාමාන්‍යයෙන් මිලෙන් ටිකක් වැඩියි. ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 8000/= කට වැඩියි. ඒ වගේම මේවායේ දුරස්ථ පාලක සමග හෝ දුරස්ථ පාලක රහිතව ගන්න පුළුවන්. දුරස්ථ පාලක ගැන වෙනම ලිපියක ලියන්නම්. මේවා හදලා තියෙන්නේ රෙජිෆෝම්, ෆයිබර් ග්ලාස්, හෝ බල්සා (කදුරු වැනි ලී වර්ගයකි) ලී වලින්. චැනල් ගණන 2 හෝ ඊට වැඩියි. 

ඊලඟ ලිපියෙන් අහස් යානා පියාසර කරන්නේ කොහොමද කියන එක ගැන කියන්නයි බලාපොරොත්තුව. වෙන දැනගන්න දෙයක් තියෙනවනං කොමෙන්ටුවකින් අහන්න.

 පින්තූර වල අයිතිය උපුටා ගත් වෙබ් අඩවි සතුයි.  

 වැඩි විස්තර සඳහා. http://www.rc-airplane-world.com/model-flying.html  බලන්න

එහෙනං ආයිබෝං..







8 comments:

  1. මචන්, ලංකාවට රිමෝට් කොන්ට්‍රොල් ප්ලේන් ගේන්න පුලුවන්ද?

    ReplyDelete
  2. Also keep this up, don't get discouraged. there are people who read this stuff. nice work

    ReplyDelete
  3. මචං රුවන්, කොමෙන්ටුවට ස්තූතියි.
    මම පළවෙනි ලිපියේ කිව්වා වගේ දැන් මේවාට තිබුන තහනම ඉවත් කරලයි තියෙන්නේ (දැන් මාස 2 විතර වෙනවා). බර 1kg දක්වා ආකෘති කිසිම සඳහා කිසි ම අවසරයක් ගන්න ඕනේ නෑ. සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ලියුමක් යවලා තියෙන්නේ රේගුවට, සියළුම පොලීසි හා ආරක්ෂක අමාත්‍යාංශයට. කෝකටත් ආකෘතියක් රටින් ගේනවා නං ඒ ලියුමේ කොපියක් ලඟ තියා ගන්න එක හොඳයි. මම දන්න විදියට මෙහෙට ආකෘති ආනයනය කරන කිහිපදෙනෙක් ඉන්නවා හැබැයි ඉතිං මිල ටිකක් වැඩියි ඒ අය ලඟ.

    ReplyDelete
  4. බොට්ටා !

    මම නම දැකලා ආවේ ..ෆන් මචං නියම නම

    ReplyDelete
  5. උත්සාහය සාර්ථකයි.. දිගට ම ලියන්න...

    ReplyDelete
  6. එල එල බුවා..දිගටම ලියන්න.ඉක්මනට එකක් හදන හැටි පොස්ටුවක දාන්නකෝ..අපි දිගටම එනවා...http://mrurealpage.blogspot.com/

    ReplyDelete
  7. නියමයි මචන් දිගටම ලියන්න....

    ReplyDelete